දේශීය

කොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (20) වාර්තාගත ලෙස ඉහළ ගියේය.

 

ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,023.02ක් ලෙසට ය.

 

සියලු කොටස් මිල දර්ශකය මෙලෙස ඒකක 11,000 සීමාව ඉක්මවා ගොස් තිබුණේ 2022 මාර්තු මස 04 වනදායින් පසු පළමු වරට බවද වාර්තා වෙයි.

 

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.1 ලෙස වාර්තා වී තිබේ.

Related posts

නඩු තාවකාලිකව කල් දැමීමට නීතිපතිගෙන් අගවිනිසුරුට ඉල්ලීමක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුණත්, අනන්‍යතාව තහවුරු කර ඡන්දය දාන්න පුළුවන් – මැතිවරන කොමිෂන් සභාව

Editor O

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment