දේශීය

අක්ෂි ශල්‍යකර්මයකින් පසු කාන්තාවක් මියයාම ගැන සැකයක්

කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදුකළ කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

 

එහි සභාපති රවී කුමුදේශ් පවසන්නේ අදාළ කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධයේ සිදුවු යම් සංකූලතාවක් හේතුවෙන් එම මරණය සිදුවන්නට ඇති බවට සැක පළ කරන බවය.

 

ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ කාන්තාවක් ශල්‍යකර්මයෙන් පසු සිහි නොලබා මියගොස් ඇති බවට ඊයේ (05) දිනයේ වාර්තා වුණි.

 

මෙලෙස මියගොස් ඇත්තේ දෙදරු මවක් වන අතර මරණය සම්බන්ධයෙන් සැක සහිත බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේය.

 

“මෙය මියයෑම පිළිබඳවත් සැකයක් ඇතිවෙලා තියෙනවා ඇයට භාවිත කරපු නිර්වින්දන ඖෂධයේ යම් සංකූලතාවයක් හේතුවෙන් එය සිදුවුණා ද යන්න. ඒ වගේම ඒ ශල්‍යකර්මය සඳහා මීට කලින් චෝදනා ලබපු, සැක මතුවුණ නිර්වින්දන ඖෂධයක් භාවිත කරලා තියෙනවා. මේ සැකයන් සරලව බැහැර කරන්න බැරි නිසා තමයි අපි මේවා මතු කරන්නේ… “

Related posts

වැලිසර කඳවුර විවෘත කෙරේ

Mohamed Dilsad

විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment