දේශීය

ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

ගාලුමෝදර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියමකළේය.

 

මෙම පැමිණිල්ල අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු බවත් එම නීතිපති උපදෙස් අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙන බවත්ය.

 

එම අභියාචනාධිකරණ තීන්දුව ලබන 23 වනදා ලබාදීමට නියමිත අතර මෙම නඩුකරය ඉන්පසුව එළඹෙන දිනයක කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

 

ඒ අනුව අදාළ පැමිණිල්ල ජුලි මස 19 වනදා යළි කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියමකළේය.

 

මෙහිදී නීතිඥවරු විසින් ඉදිරිපත්කළ කරුණු පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ සිද්ධිය සැකකරුවන්ව වශයෙන් නම්කර නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත්කිරීමටද නියෝග කළේය.

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් පිරිසක් සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට තවත් දෙදෙනෙක් අත්ඩංගුවට

Mohamed Dilsad

නැවතත් ඇදිරිනීතිය පැනවේ

Mohamed Dilsad

Leave a Comment