දේශීය

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක්

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

 

මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

 

පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

 

මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

Related posts

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

Mohamed Dilsad

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

සමාගම් රෙජිස්ට්‍රාර් කටයුතු ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment