දේශීය

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක්

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

 

මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

 

පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

 

මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

Related posts

මෙරට ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහළට

Mohamed Dilsad

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ මෛත්‍රීපාලත් යයි.

Editor O

Leave a Comment