දේශීය

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්ගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටිය ද කිසිදු අවස්ථාවක තනිවී නොමැති බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසයි.

 

ඇය පෙන්වා දෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටින බවය.

 

කොළඹ පැවති භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබඳ මංගල සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ් මහත්මිය මෙම අදහස් පළකළාය.

 

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් තමා තුළ පවතින බවත් එම පීඩාකාරී තත්ත්වය ශ්‍රී ලංකාවට දරා ගැනීමට අසීරු බවත් ඇය පෙන්වාදී තිබුණි.

 

මෙම තත්ත්වය හමුවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලුදෙනා එක පවුලක සාමාජිකයින් ලෙස එකිනෙකා කෙරෙහි වගකීම්වලින් බැදීසිට එක්ව අභියෝග ජයගත යුතු බව එහිදී ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබුණාය.

Related posts

මත්ද්‍රව්‍ය සහ මිලියන 9 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අතුරලියේ රතන හිමි බන්ධනාගාරගත කරයි.

Editor O

කොරෝනා බවට සැක ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 212 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment