දේශීය

ඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770ක මුදලක් පෙබරවාරි මාසය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.

 

මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මූලික වියදම් සඳහා පෙබරවාරි මාසය තුළ මිලියන 770ක මුදලක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇත.

 

ඒ අනුව අදාළ මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

 

මැතිවරණ වියදම් වෙනුවෙන් මීට පෙර මුදල් අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 37කට ආසන්න මුදලක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කර තිබේ.

 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය දක්වා කාලය තුළ රුපියල් බිලියන 04ක පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

46 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

රත්නපුරට හා පැල්මඩුල්ලට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය

Mohamed Dilsad

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Editor O

Leave a Comment