දේශීය

රත්නපුරට හා පැල්මඩුල්ලට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය

(UTV |කොළඹ ) – ඊ‍යේ(08) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයට අද උදෑසන ලිහිල් කරන ඇඳිරි නීතිය අද සවස 4 ට යළි පනවනු ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි.

Related posts

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩුවකට සැරසේ

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් 45,978 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment