දේශීය

ජනපති අනතුරු අඟවයි

රජය දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් කිසියම් ආකාරයකින් කඩාකප්පල් කළහොත් පසුගිය මැයි සහ ජුනි මාසවලට සමානව රට යළිත් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික හා කෘෂිකාර්මික වැඩසටහන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රටවල් සමග ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් එලෙස කඩාකප්පල් විය හැකි බවය.

 

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද (28) අනුරාධපුරයේ පැවැති වැඩසටහනකදීය.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

දඹුල්ලේ රිය අනතුරකින් අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනා බවට සැක රෝගීන් 222ක් රෝහල්වල

Mohamed Dilsad

Leave a Comment