ප්‍රමුඛ පුවත 1

අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සැමරීමේ සතියේ අවසන් වැඩසටහන වෙනුවෙන් විශේෂ නිවේදනයක්

(උදයම්, මුලතිව්)  –  මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී හෙට(18) දින අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සැමරීමේ සතියේ අවසන් වැඩසටහන පැවැත්වේ.

මේ වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මුල්ලිවයික්කාල් වැඩසටහනට සමගාමීව සැමරුම් සිදු කරන ලෙස ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවගෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බව මෙම නිවේදනයේ  සඳහන්වේ.

ඒ අනුව හෙට උදෑසන 9.30ට ආරම්භ කරන මෙම වැඩසටහනට සමගාමීව ලොව පුරා සිටින දෙමළ ජනතාව ද විනාඩි 03ක කාලයක් නිහඬතාවයක් පළකරමින්  මිය ගිය වැසියන් වෙනුවෙන් ගෞරව කර සැමරුමට සහය වන ලෙස ඔහු ඉල්ලීමක් කර ඇත.

හෙට දිනය ශෝක දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසද ප්‍රධාන අමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයේ සදහන් කර තිබේ.

Related posts

මෙරට තේ ක්ෂේත්‍රයේ ඇති බලපෑම් පිලිබඳ සාකච්ඡාවක්.

Mohamed Dilsad

එජාප මහලේකම් ඉවත් වෙයි

Mohamed Dilsad

LTTE යට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ මැලේසියානු දේශාපලනඥයෙකු ගැන පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment