ප්‍රමුඛ පුවත 1

අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සැමරීමේ සතියේ අවසන් වැඩසටහන වෙනුවෙන් විශේෂ නිවේදනයක්

(උදයම්, මුලතිව්)  –  මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී හෙට(18) දින අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සැමරීමේ සතියේ අවසන් වැඩසටහන පැවැත්වේ.

මේ වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මුල්ලිවයික්කාල් වැඩසටහනට සමගාමීව සැමරුම් සිදු කරන ලෙස ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවගෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බව මෙම නිවේදනයේ  සඳහන්වේ.

ඒ අනුව හෙට උදෑසන 9.30ට ආරම්භ කරන මෙම වැඩසටහනට සමගාමීව ලොව පුරා සිටින දෙමළ ජනතාව ද විනාඩි 03ක කාලයක් නිහඬතාවයක් පළකරමින්  මිය ගිය වැසියන් වෙනුවෙන් ගෞරව කර සැමරුමට සහය වන ලෙස ඔහු ඉල්ලීමක් කර ඇත.

හෙට දිනය ශෝක දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසද ප්‍රධාන අමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයේ සදහන් කර තිබේ.

Related posts

දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

පන්නල සොයාගත් බෝම්බ සිද්ධියට අදාල සැකකරුවන් තවමත් අනාවරණ වී නොමැත [VIDEO]

Mohamed Dilsad

හදිසි අවස්තාවකදී දැනුම් දෙන්න – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජනතාවගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment