ක්‍රීඩා

FIFA ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ.

 

එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය.

 

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මගින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතය.

 

පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවැත්වූ නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලයක් පත්කෙරුණ ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම නව නිලධාරි මණ්ඩලය පිළිනොගන්නා බැවින් හිටපු මහ ලේකම්වරයාගේ නමට තහනම් කිරීමේ ලිපිය යොමුකර තිබේ.

 

පසුගියදා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

 

එම තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට හෝ නිලධාරියෙක්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරග හෝ වෙනත් කිසිදු තරගාවලියකට සහභාගී වීමට නොහැකිවනු ඇත.

Related posts

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් සංචාරයක් පිලිබඳ සකච්ඡා

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට් මොරිසන් අතර හමුවක්

Mohamed Dilsad

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මිකී ආතර් කණ්ඩායමක් තෝරාගනී

Mohamed Dilsad

Leave a Comment