දේශීය

නිල සංචාරයක් සඳහා විදේශ ඇමති අද සෞදියට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (23) සිට සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

 

 

ඒ අනුව සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

එම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිතව තිබෙනවා.

Related posts

රංජන් රාමනායක ජනාධිපතිවරයාට බාර දුන් ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම ගැන සොයා බලන්න – රවී කුමුදේශ්

Editor O

ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන්

Editor O

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Editor O

Leave a Comment