දේශීය

වී ගොවීන්ට අද සිට නොමිලේ ඩීසල්

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩීසල් තොග වී ගොවීන් සඳහා නොමිලේ බෙදා හැරීමේ කටයුතු අද (09) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

 

මෙරට කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙනුවෙන් චීනය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06 ක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණා.

 

ඒ අනුව වී වගා කරන ගොවීන් වෙත නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන්ධන තොගය විශේෂ වවුචරයක් මඟින් ඔන්ලයින් ක්‍රමයට ලබාදිමට සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

 

අස්වනු නෙලීමේ කටයුතු වෙනුවෙන් හෙක්ටෙයාරක් සඳහා ඩීසල් ලීටර 15 ක් සහ හෙක්ටෙයාර 2 ක් සඳහා ඩීසල් ලීටර 30 ක් වශයෙන් එම ඉන්ධන ගොවීන් වෙත ලබාදීමට නියමිතයි.

Related posts

නැවත දැනුම් දෙන තුරු සියළු සුරාසැල් වැසේ[RELEASE]

Mohamed Dilsad

ප්‍රකට ආර්ථික විශේෂඥයා තට්ටු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට

Mohamed Dilsad

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

Mohamed Dilsad

Leave a Comment