Trending News

පයිලට් රනිල්ට රිද්දුවොත් වෙන ව්‍යසනය ගැන වජිර කියයි

ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ කිසිම දවසක මුහුණ නොදීපූ අභියෝගයකටයි මුහුණ දෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ ගුවන් යානයක් කඩා වැටෙන්න යන්නේ නියමුවා සහ සහාය නියමුවාත් බැහැ කියපු අවස්ථාවක මගියෙක් ගුවන් යානය ගොඩ බාන්න හදන අවස්ථාවේ කලබලයක් ඇති කළොත් ඒක ජාතික වශයෙන් රටට කරන ව්‍යසනයක් බවයි.

රටේ ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් නොවන බවත්, ජනතාවගේ තාවකාලික කිහිපයක් විසඳා බඩු මිල පහළට දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගනිමින් සිටින අවස්ථාවක ඡන්දයක් ඉල්ලන්නේ ජාත්‍යන්තර ඕනෑකම් ඉටු කරන්නදැයි ප්‍රශ්නයක් පවතින බවත් මන්ත්‍රීවරයා පවසා සිටියා.

ගුවන් යානය පදවන ජනාධිපති රනිල් වික්‍රමසිංහට කෙ‍නිත්තුවොත්, ප්‍රශ්න ඇති කළොත් ගුවන් යානයම කඩාගෙන වැටෙන බවත්, එම ගුවන් යානයේ සියලුම දේශපාලන පක්ෂ සිටින බව සියලු දේශපාලන නියෝජිතයන් මතක තබා ගත යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

ஜப்பானில் புல்லட் ரயில்களை நிறுத்திய ஒற்றை நத்தை?

Mohamed Dilsad

ஆறுமுகம் தொண்டமானின் 53 வது பிறந்ததினம் நிகழ்வு கொட்டகலையில் விசேட வழிபாடுகளுடன் இடம்பெற்றது

Mohamed Dilsad

රිලවෙක්ට ඩොලර් පනස් දහසක්

Editor O

Leave a Comment