Trending News

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යළි දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් ඇති බවත් අදාළ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම දැඩි අවදානම් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය හෙට (26) සවස් වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Related posts

Declare Presidential poll gazette illegal; petition

Mohamed Dilsad

Don’t politicize national security matters; UNP to SLPP

Mohamed Dilsad

New Captain Harry Kane says England can win World Cup in Russia

Mohamed Dilsad

Leave a Comment