දේශීය

දිවයිනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ද උදය කාලයේදීද වැසි ඇති විය හැක.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලමදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

කූඨ ලේඛන සමග මෙරටට ඇතුළුවීමට ගිය දෙදෙනෙක් ආපසු හරවා යවයි

Mohamed Dilsad

සොයිසාපුර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති ආර්යාවන් අතරින් ආචාර්යය උපාධි තියෙන්නේ සිව්දෙනාටයි….

Editor O

Leave a Comment