දේශීය

නේපාලයෙන් ලංකාවට ඖෂධ තොගයක්

(UTV | කොළඹ) – නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත නිල වශයෙන් භාර දී තිබේ.

ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 බලංගොඩ සිංහ සමාජයේ ඉල්ලීම පරිදි පරිත්‍යාග කරන ලද මෙම ඖෂධ තොගය බලංගොඩ මූලික රෝහල වෙත භාර දීම එහිදී සිදු කර ඇත.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉරේෂා පතිරගේ යන මහත්ම මහත්මීන් සහ ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 හිටපු සිංහාධිපති ලසන්ත ගුණවර්ධන, ඒ.පී. ජගත්චන්ද්‍ර, ඩබ්.කේ.එන් විජේසූරිය, සුනිල් ඔබේසේකර, සිංහ සමන් කුමාර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සාමාජකයින් එම අවස්ථාවට එක්ව සිට තිබේ.

Related posts

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අධියර ඇරඹේ

Mohamed Dilsad

රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment