දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (30) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

M,N,O,X,Y,Z කලාප සඳහා අලුයම 5.30ත් පෙරවරු 8.00ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

මේ අතර CC කලාප සඳහා පෙරවරු 6.00ත් පෙරවරු 8.30ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

Related posts

හිටපු ජනපති ලේකම්ට සහ සහායක රදගුරුතුමන්ලා තිදෙනෙකුට නොතීසි

Mohamed Dilsad

රට පුරා සිදුවන වෙඩි තැබීම් ගණන් කරන්න එපා – නලින්ද ජයතිස්ස

Editor O

තවත් කොරෝනා ආසාදිතයන් 39 ක් මෙරටින් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment