ගොසිප්

ගෝඨා අගමැති?

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා අද (25) පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ ලක්‍ෂ 69 ක් ඡන්ද ලබාගෙන ජනාධිපතිවරයකු මෙන්ම යුද්දය ජය ලැබීමට නායකත්වය දුන් නිලධාරියකු වීම නිසා ඔහුට රටට පැමිණීමට කිසිඳු බාධවක් නොමැති බව කී ප්‍රදීප් උදුගොඩ මහතා ඇතැම් දේශපාලන අදිසි හස්තයන් මේ රටේ ජනතාව කුපිත කිරීම නිසා එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නැවත මෙරටට පැමිණීමේ අයිතිවාසිකම මානව හිමිකම් කොමිසම ද තහවුරු කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා ඉදිරියේදී එළඹෙන දේශපාලන තීන්දු පිළිබඳව තමන්ට ප්‍රකාශයන් කළ නොහැකි බවත් උදුගොඩ මහතා වැඩි දුරටත් කීය.

බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා පැවසීය.

Related posts

පුතාව බලන්න මුල්වරට ෂාරුක් බන්ධනාගාරයේ

Mohamed Dilsad

‘අඛණ්ඩ ඉන්ධන සැපයුමක් දෙන්න බෑ..’

Mohamed Dilsad

රාජිත පිළිබඳ තවත් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment