දේශීය

IMF නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර තවත් සාකච්ඡාවක්

(UTV | කොළඹ) – දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

මෙහි පළමු සාකච්ඡා වටය පසුගිය බදාදා පැවැත්වුණා.

තවත් සාකච්ඡාවක් අද පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමටත් එහිදී තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 31 වනදා දක්වා මෙරට රැදී සිටිනු ඇති.

ණය ප්‍රතිව්‍යුවහ ගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකගතාවකට පැමිණීම සහ එහි ප්‍රගතිය විමසීම මෙම සංචාරයේ අරමුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර නිවේදනය කළා

Related posts

කොළඹ වරායට පැමිණි නෞකාවේ සිට කාන්තාවක් රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවලවලට යුධ හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment