දේශීය

ග්ලයිෆොසෙට් තහනම ඉවතට

(UTV | කොළඹ) – ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් අද දිනය තුළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ එම ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යැවීමට දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ග්ලයිෆොසෙට් ඇතුලු කෘෂි රසායනික කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2015 වසරේදී තහනමක් පනවා තිබුණා.

එය අවස්ථා කිහිපයකදී සංශෝධනයට ලක් කෙරුණු අතර, 2015 දී තේ සහ රබර් වගාවන් සඳහා ග්ලයිෆොසෙට් භාවිතයට අවසර ලබා දුන්නා.

කෙසේ වෙතත් 2019 වසරේදී සීමිත ග්ලයිෆොසෙට් ප්‍රමාණයක් ආනයනයට අවසර ලබාදුන්නේ මල් වගා කර්මාන්තය, උක් වගාවන්ට වැළඳුණු සුදුපත්‍ර රෝගයට සහ වැලිගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිතව ව්‍යාප්ත වූ කොළ මැලවීමේ රෝගය වළක්වාගැනීමේ අරමුණින්.

එමෙන්ම 2019 වසරේදී සියයට සියයක් කාබනික කෘෂිකර්මාන්තය කරා යොමුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, 2021 වසරේදී යළිත් ග්ලයිෆොසෙට් තහනම් කරනු ලැබුවා.

Related posts

දුරදිග ගිය ආරවුලකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

පාසල් නිවාඩුව ඔක්තෝම්බර් 09 වනදායින් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

තරුණයෙක්ට අමානුෂිකව පහරදුන් හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක්

Editor O

Leave a Comment