විදෙස්

රාහුල් ගාන්ධි අත්අඩංගුවට

(UTV | නවදිල්ලි) – ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට එක්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ අමාත්‍යාංශ පිහිටි මාර්ග අවහිර වන අයුරින් මෙම විරෝධතාවය පැවැත් වී තිබේ. කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මූල්‍ය වංචා චෝදනාවකට ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකයට කැඳවා ප්‍රශ්න කරමින් සිටින අතරතුර කොංග්‍රස් පාක්ෂිකයන් මෙම විරෝධතාවය පවත්වා ඇත.

ඉන්දියාව පොලිස් රාජ්‍යයක් වී ඇති බවත් එහි රජු අගමැති නරේන්ද්‍ර මෝදි බවත් පවසමින් කොංග්‍රස් පාක්ෂිකයන් විරෝධය දක්වද්දී රාහුල් ගාන්ධි එයට එක්ව තිබේ. රාහුල් ගාන්ධිට අමතරව පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක්ද අත්අඩංගුවට පත් වූ බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබිණි.

Related posts

වසර ගණනක සිට ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු අඟවන පද්ධතිය අක්‍රියයි.

Mohamed Dilsad

ප්‍රශ ජනපති බිරිඳත් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

Mohamed Dilsad

Leave a Comment