විදෙස්

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හෙතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පුවත් පත්  60 ක පමණ මුද්‍රණ කටයුතු නවතා දැමීමට පියවරගෙ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට මාධ්‍ය සමූහයක් වන නිව්ස් කෝප් බදාදා කියා සිටියේ තම අන්තර්ගතය අන්තර්ජාලය හරහා ගෙන යන බවයි.

එසේම , ඔවුන් විසින් ගනු ලැබූ මෙම තීරණය සැහැල්ලුවට ගෙන නොමැති බවත් නිව්ස් කෝප් ඔස්ට්‍රේලියා ප්‍රධානී මයිකල් මිලර් සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ දැනටමත් ගැටලුවට පත්ව ඇති පුවත්පත් කර්මාන්තය තුළ වෙළඳ දැන්වීම් පළකිරීම පහත වැටීමද ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

Related posts

පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

මෙල්බර්න් නුවර තවදුරටත් වසා දැමේ

Mohamed Dilsad

ඉරානයේ පල්ලියක් තුළ වෙඩි තැබීමක් : 15ක් මරුට

Mohamed Dilsad

Leave a Comment