දේශීය

විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – අද (20) දින පැය තුනකට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද දිනයේ පැය 03යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු කාලයේ පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

එම කලාප සඳහා පස්වරු කලායේ පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම CC කලාප සඳහා පෙරවරු 06.00 සිට පස්වරු 08.30 දක්වා පැය 02යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.

M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 05.30 සිට පෙරවරු 08.30දක්වා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

Related posts

කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කරයි

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු දැක්වීම අද

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment