දේශීය

විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – අද (20) දින පැය තුනකට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද දිනයේ පැය 03යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු කාලයේ පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

එම කලාප සඳහා පස්වරු කලායේ පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම CC කලාප සඳහා පෙරවරු 06.00 සිට පස්වරු 08.30 දක්වා පැය 02යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.

M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 05.30 සිට පෙරවරු 08.30දක්වා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

Related posts

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

Editor O

හොරෙන් එංගලන්තය ට ගොස් හසුවුණොත් රුවන්ඩාවට

Mohamed Dilsad

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූ 13,000කගෙන් පැමිණිලි – නීතිපති

Editor O

Leave a Comment