දේශීය

කථානායකගෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් දැනුම් දී තිබේ.

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එය සාර්ථක කර ගැනීම සඳහා සියලු පක්ෂවල සහාය අපේක්ෂා කරන බව කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ට දැනුම්දී ඇති බව සඳහන් ය.

රහස් ඡන්ද විමසීමේදී තේරිම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී පවසා සිටියේ, 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුව සියලු මාර්ගෝපදේශයන් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවය.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

ජනතාව උපයන ආදායමෙන් 75%ක් වැය වෙන විදිය

Editor O

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

Leave a Comment