දේශීය

තවත් කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – මානව හිමිකම් සම්බන්ධයෙන් පුර්වගාමී කොමිෂන් සභාවල හා කමිටුවල තීරණය ඇගයිම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 10 වනදා දිනය සහිතවයි එම කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරමින් අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ජුනි මස 21 වන දිනෙන් අවසන් වීමට තිබු අදාළ කොමිෂන් සභාවේ කාලය මේ වසරේ සැප්තැම්බර් 21 වන දික්වා දීර්ඝ කර තිබෙනවා.

2021 ජනවාරි මස 21 වන දින පිහිටුවනු ලැබු මෙම කොමිෂන් සභාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩි.නවාස්, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන අය යි පත් කර සිටින්නේ.

Related posts

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

සේවකයින් වැඩ නොකිරීම රටටම බලපාන පොදු ප්‍රශ්නයක් – ජනපති

Mohamed Dilsad

විදුලි අර්බුදය ගැන අද ඉහළ පෙළේ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment