දේශීය

විදුලි අර්බුදය ගැන අද ඉහළ පෙළේ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – කැලණිතිස්ස හා සපුගස්කන්ද බලාගාර ක්‍රියාත්මක කරන ඩීසල් සහ නැප්තා අවසන් වීම හේතුවෙන් කැළණිතිස්ස විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය නැවතී තිබෙනවා.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ මෙගා වොට් ප්‍රමාණය මෙගාවොට් 300ක්.

මේ සමගම ඇතැම් වාර්තා සඳහන් කළේ අද (19) රාත්‍රී 10 පමණ වන විට සපුගස්කන්ද ඩීසල් විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අඩපණ වන බවයි.

කෙසේ වෙතත් මෙම විදුලි බලාගාර දෙකම බිඳ වැටීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 450ක ධාරිතාවක් අහිමි වනවා.

මේ වන විට කෙරවලපිටිය ගල් අඟුරු විදුලි බලාගාරයේ ද එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති මෙගා වොට් ගණන 300ක්.

මේ අනුව කෙරවලපිටිය සපුගස්කන්ද සහ කැලණිතිස්ස විදුලි බලාගාර තුනම අක්‍රීය වීම හේතුවෙනි, ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 750කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ගොස් තිබෙනවා.

මතුව ඇති තත්ත්වය අනුව ඉදිරියේ දී වැඩිම විදුලි ඉල්ලුමක් ඇති අවස්ථාවන්වල දී පැය එකහමාරකට වැඩි කාලයක් විදුලි විසන්ධි වීම් සිදු විය හැකි බවටයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ.

Related posts

IMF උපදෙස් මත පාකිස්තානය බදු ඉහළ දමයි

Mohamed Dilsad

සජිත්ගේ නායකත්වයෙන් සජබ සහ එජාපය දේශපාලන ගමනක

Editor O

නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment