දේශීය

හිර වූ තෙල් නැව් මහබැංකුව ලබා දුන් මුදල් මත එළියට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුව ලබා දුන් මුදල් මත ඉන්ධන මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් නෞකා දෙකක් අද (19) පෙරවරුවේ කොළඹ වරායෙන් නිදහස් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්ම්මන්පිල සඳහන් කළේ, එම ඉන්ධනවලින් මෙට්‍රික් ටොන් 10,000ක් දිවයිනේ ඇනහිට ඇති විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු සඳහා ලබාදෙන බවයි.

මෙම නෞකාවලින් ඉන්ධන නිදහස් කිරීමත් සමග දිවයිනේ විටින් විට ඇතිවන විදුලි කප්පාදුව ද යම් තරමකට නතර වනු ඇති අතර, වැසුණු බලාගාර යළි විවෘත කිරීමේ හැකියාවක් ද පවතිනවා.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමට එකඟ වීම හේතුවෙන් රට තුළ කිසිදු ලෙසකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කරනවා.

Related posts

පරණ සමාගමෙන්ම, ඉන්ධන ඇණවුම් කරයි ..

Editor O

කටුනායක සිද්ධියට ඇල්ලූ OIC ඇතුළු පොලීසියේ 4 දෙනාට අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

ජනපති ලබාදෙන පණිවිඩ කතානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment