දේශීය

IMF සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ සහාය

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව – ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟ වූ අතර IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද එකඟ විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පල කරන ලෙසයි .

Related posts

ඖෂධ වර්ග 110ක් විදේශ රටවල් වලින් ඍජුව ගෙන්වීමට අවධානය.

Editor O

චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

Mohamed Dilsad

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment