දේශීය

සා. පෙළ සිසුවිය අපයෝජනය කිරීම ගැන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

(UTV | කොළඹ) – විභාග ශාලා නිරීක්ෂකයෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමතිවරයා විභාග කොමසාරිස්වරයාට ඊයේ (31) නියෝග කර තිබේ.

පසුගිය 25 වන දා නාච්චදූව, හිදෝගම කළුවිල සේන මහා විද්‍යාලයේ විභාග ශාලාවේදී මෙම සිසුවිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අවස්ථාවේදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු කියාදෙන මුවාවෙන් විභාග නිරීක්ෂකවරයෙකු ඇයට ලිංගික අතවර කර තිබිණි.

ඒ අනුව ඉහත කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවන ලදී.

එම වාර්තාවට අනුව වින්දිත සිසුවියගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර විභාග ශාලාධිපතිගේ, සහකාර විභාග ශාලාධිපතිගේ, චූදිත නිරීක්ෂකගේ සහ එම අවස්ථාවේ ශාලාවේ විභාගයට පෙනී සිටි සෙසු අපේක්ෂකයන්ගේ ද ප්‍රකාශ ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ඉහත වාර්තාවට අනුව හිදෝගම පොලිසිය විසින් චූදිත නිරීක්ෂක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට ( 2) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් ද විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාළ චූදිතයාට එරෙහිව විනය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි.

Related posts

රිලව් සහ වඳුරන් ගණන මෙන්න

Editor O

වික්ටර් රත්නායකයන් දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

සමන් පෙරේරා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment