දේශීය

ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව ආදාළ ප්‍රවාහන අංශ සමග සාකච්ඡා කරන ලෙසට ඉල්ලීමක් කරන බව ය.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කළ බව කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, අදාළ මිල සූත්‍රය සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ක්‍රියාත්මක කරන බව ය.

Related posts

සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම්

Mohamed Dilsad

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මතයි

Editor O

CEYPETCO තෙල් මිල වැඩි වීමක් නෑ

Mohamed Dilsad

Leave a Comment