දේශීය

රටේ ආර්ථික අර්බුදය ගැන සිතා තීරණයක් ගත්තා

(UTV | කොළඹ) – රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද, පවතින අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද සඳහන් කළේය.

ඒ නිසා තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන බව කී හරීන් ප්‍රනාන්දු මහතා තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටී.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන 1053 දක්වා ඉහළයයි

Mohamed Dilsad

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment