විදෙස්

අවුන් සාන් සුකීට මියන්මාර් විශේෂ අධිකරණයක් දුන් නියෝගය

(UTV |  මියන්මාරය) – මියන්මාර් හි විශේෂ අධිකරණයක් විසින් එරට ප්‍රජාතන්ත්‍රවාදි නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 05 ක සිරදඩුවමක් නියම කර තිබේ.

ඒ දූෂණ චෝදනා යටතේ ය.

මේ අනුව අවුන් සාන් සුකී ට එරෙහි නඩු විභාග මාලාව යටතේ දැනට ඇයට හිමි වී ඇති සිරදඩුවම් කාලයක වසර 11 කි.

මියන්මාරයේ හමුදා නායකයින් විසින් එරට ජනවරමකින් පාලන බලය හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමා 2021 පෙබරවාරි මාසයේදී පාලන බලය හිමිකර ගත්තේය.

එතැන් සිට ඇයට එරෙහිව නඩු විභාග කිහිපයක් පැවැත්වුණි.

කෙසේ වෙතත් මෙම නඩු විභාග රහසිගතව පවත්වන බවටයි ජාත්‍යන්තර පාර්ශව රැසක් චෝදනා කරන්නේ.

Related posts

ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඔබේ facebook ගිණුමත් අනාරක්ෂිතද?

Mohamed Dilsad

සේවක වැඩවර්ජයෙන් ඉන්ධන අර්බුදයක්

Mohamed Dilsad

Leave a Comment