දේශීය

“ගෝඨාගෝහෝම්” අරගලයට සහය පළ කිරීමට මාධ්‍යටත් වගකීමක් තියෙනවා”

(UTV | කොළඹ) – රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන අර්බුදයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතු යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

හිටපු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඉකුත් පෙරේදා (අප්‍රේල් 22) පැවති මාධ්‍ය හමුවකදීය.

හිටපු අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ,

“දැනට රටතුල භාණ්ඩ මිල දරාගන්න බැරි තරමට ඉහළ ගිහින් ජනතාව පීඩාවට පත් වෙලා. පහුගිය ආණ්ඩුවෙන් රු. 80 ට හාල්, රු. 145 ට පරිප්පු දුන්නා. පාලන මිල ආරක්ෂා කරමින්, ජනතාවට සහන මිලට භාණ්ඩ ලබාදීම සඳහා රාජ්‍ය නිලධාරීන් කැප වුණා.

මේ වෙද්දි භාණ්ඩ මිල තීරණය කරන්නේ ව්‍යාපාරිකයින්. පසුගිය ආණ්ඩුවදී අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට ජනතාවට ලබාදෙන්න පුළුවන් වුණේ ජනතාවගේ පැත්තෙන් හිතලා තීන්දු තීරණ ගත්ත නිසා.

අපි ආණ්ඩුවේ දී ව්‍යාපාරිකයන් අවශ්‍ය විදියට භාණ්ඩ මිල වැඩි කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒත් අද තීරණ ගන්නේ ව්‍යාපාරිකයන්. දැන් ආණ්ඩුවක් තියෙනවද කියලා දන්නෙත් නෑ. එහෙම රට පාලනය කරන්න පුළුවන්ද? මේ විදියට ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද?

මේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව, කෘෂිකර්මාන්තය විනාශ කළා. කෘෂිකර්මාන්තයෙන් ජීවත් වුණ පවුල් ලක්ෂ 20කට කන්න බොන්න නැති කළා. ජනතාවට ජීවත් වෙන්න බැරි නිසා පාරට බැහැලා කරන අරගල සාධාරණයි. “ගෝඨාගෝහෝම්” අරගලයට සහය පළ කිරීමට මාධ්‍යටත් වගකීමක් තියෙනවා”  

Related posts

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05යි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

Editor O

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

කොරියාවේ සිට පැමිණි පියා සහ පුතු කොරෝනා යැයි සැක පිට බදුල්ලේ රෝහලට

Mohamed Dilsad

Leave a Comment