දේශීය

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – උද්ඝෝෂණ සහ විරෝධතා අතර තුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලීසියෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ විශේෂයෙන් ගිලන් රථ පාසල් වෑන් රථ කාර්යාල සේවා හා සංචාරකයින් රැගත් වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවය.

මීට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහනයට සම්බන්ධ වාහනවලට ද බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

පසුගිය දින කිහිපයේ රට තුළ පැවති උද්ඝෝෂණ සහ විරෝධතා හේතුවෙන් ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට විවිධ බාධා මතු වූ බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

Related posts

රාජිත සහ ෆොන්සේකා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹයි

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment