විදෙස්

ඔස්ට්‍රේලියාවට ඒමේදී අනිවාර්ය කොවිඩ් පරීක්ෂණය ඉවතට

(UTV |  සිඩ්නි) – විදේශීය සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ගුවන් යානයට ගොඩවීමට පෙර සිදුකල යුතුවු අනිවාර්ය කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතාවය ඉවත් කර තිබෙනවා.

ලබන අප්‍රේල් 17 වනදා සිට එය බලාත්මක වන බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් නිවේදනය කර සිටියේ.

කෙසේවෙතත් රටට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් එන්නත් මාත්‍රා 02 ක් ලබා සිටිය යුතු ගුවන් ගමනේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවත් ඔහු සඳහන් කළා.

කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණීමේදී අනිවාර්ය සෘණාත්මක පරීක්ෂණයක් හඳුන්වාදෙනු ලැබුවේ පසුගිය වසරේ ආරම්භයේදීයි.

ඔස්ට්‍රේලියාවට තුළ ආසාධිතයන් සංඛ්‍යාවේ තරමක වැඩිවීමක් පෙන්නුම් කලද සෞඛ්‍ය උපදෙස් මත මෙම පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කළා.

Related posts

හැගිබිස් සුළි කුණාටුවෙන් ජපන් ගුවන් ගමන් ප්‍රමාදයි

Mohamed Dilsad

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

Mohamed Dilsad

ජපානයට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment