දේශීය

අසාද් සාලිගේ පෙත්සමක් මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

(UTV | කොළඹ) – තමන්ට එරෙහි ව ද්වේශසහගත පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේගොඩ යන අයගෙන් වන්දි අය කර දෙන ලෙස හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ගොනු කළ පෙත්සමක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, එම නඩුව අද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ කැදවූ අවස්ථාවේදියි.

රටේ නීතීය සහ මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අන්තවාදී අදහස් ප්‍රකාශ කළේ යැයි චෝදනා ලැබ මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් 2 වන දා නියෝග කළා.

Related posts

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

වරලත් විශ්වවිද්‍යාලයක් දියතලාවටත්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment