දේශීය

සර්ව පාක්ෂික සමුලුව අද

(UTV | කොළඹ) – රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුලූවක් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී කල ඉල්ලීමකට අනුවයි මෙම සමුලුව කැඳවනු ලැබුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – එක්සත් ජාතික පක්ෂය – ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වනු ඇති.

කෙසේවෙතත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය – ජාතික ජන බලවේගය – දමිළ ප්‍රගතිශීලී සන්ධානය – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙම සමුලුව වර්ජනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නියෝජනය කරන විමල් වීරවංශ – උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ද මෙම සමුලූවට සහභාගී වන්නේ නැහැ.

ඒ වෙනුවට එම සියලූ පක්ෂ නියෝජනය වන පරිදි නියෝජිතයන් දෙදෙනෙකු පමණක් ඊට සහභාගී වනු ඇති.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා ජාතික සන්ධානය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවනු ඇති.

Related posts

විරෝධතාකරුවන් ඇතුළු වූ පසු ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු නවතී

Mohamed Dilsad

ගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.

Editor O

අදත් ධාවනයට අතිරේක ලංගම බස් 200 ක්

Mohamed Dilsad

Leave a Comment