දේශීය

බොරතෙල් බැරලයක මිල පහළට

(UTV | කොළඹ) – යුක්​රේනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට රුසියාව කැමැත්තෙන් පසුවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ඉරිදා (13 වැනිදා) ප්‍රකාශ කිරීමත් සමග ඊයේ (14 වැනිදා) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ පහත වැටිණි.

ඒ අනුව පසුගිය සිකුරාදා ඩොලර් 112 සීමාවේ පැවැති බ්‍රෙන්ට් (Bernt) බොරතෙල් බැරලයක මිල ඊයේ (14 වැනිදා) 3.6%කින් පහත බැස ​ඩොලර් 108.55ක් ලෙසින් වාර්තාවිය.

ඊට අමතරව ‘එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි’ (WTI) බොරතෙල් බැරලයක මිලද පසුගිය සතියට සාපේක්ෂව 3.7%කින් පහත බැස ඩොලර් 105.40ක් ලෙසින් ඊයේ (14 වැනිදා) සටහන් විය.
රුසියාව පසුගිය පෙබරවාරි 24 වැනිදා යුක්රේනයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීග්‍ර ලෙස ඉහළ යෑම ආරම්භ විය.

ඒ අනුව පසුගිය සතිය ආරම්භ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 140 සීමාව දක්වා ඉහළ ගියේය.

ඒ අනුව යුක්රේන රුසියා යුද්ධය ඇරඹීන් අනතුරුව පසුගිය සතිය ආරම්භ වන විට බොරතෙල් බැරලයක මිල උපරිම ලෙස සියයට 40%කින් පමණ ඉහළ ගොස් තිබිණි.

Related posts

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05යි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

Editor O

පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව, සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්

Editor O

Leave a Comment