දේශීය

දෝෂ සහිත දුම්රිය එන්ජින් – මැදිරි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

(UTV | කොළඹ) – ඉන්දියාවෙන් ආනයනය කළ දෝෂ සහිත බව කියන දුම්රිය එන්ජින් සහ මැදිරි සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් වාර්තාවක් කැඳවා තිබෙනවා.

දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවෙන් හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවෙන් මෙලෙස වාර්තාවක් කැඳවා ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ.

පසුගිය යහපාලන රජය සමයේ මිලදී ගත් දුම්රිය මැදිරිවල මෙලෙස දෝෂ පවතින තත්ත්වය පිළිබද අදාළ උප දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙදෙනාගෙන් වාර්තාවක් කැඳවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

Related posts

දින කිහිපයකින් ගෑස් ප්‍රශ්නය නිම වෙන ලකුණු

Mohamed Dilsad

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

මානුෂීය ධනවාදී සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment