ව්‍යාපාරික

විදෙස්ගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට රු. 240 ක් දෙන්න – කම්කරු ඇමති ඉල්ලයි

(UTV | කොළඹ) – විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන සෑම ඩොලරයක් වෙනුවෙන්ම රු. 240ක මුදලක් ලබා දෙන මෙන් තමන් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.

අද (08) දින පාර්ලිමේන්තුවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා,

විදේශීය ශ්‍රමිකයන් මේ රටට ප්‍රේෂණය කරන ඩොලර් වෙනුවෙන් රු. 240ක වත් මුදලක් ගෙවන්න කියලා මම ඉල්ලීමක් භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තියෙනවා.

ඒ වගේම මගේ අමාත්‍යංශය පැත්තෙන් විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම විදේශ රටවල සේවයට යන විගමණික ශ්‍රමිකයන් සඳහා එක්සත් ජනපද ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබාදීම අනිවාර්ය කරන කටයුත්තත් දැන් කෙරී ගෙන යනවා.

Related posts

ඩොලරයේ විකුණුම් මිල පහළට

Mohamed Dilsad

පොහොර ගැටළු පිලිබඳ දැනුම් දීමට නව අංකයක්

Mohamed Dilsad

රුපියලේ අගය ශක්තිමත් වෙයි

Mohamed Dilsad

Leave a Comment