දේශීය

ගෑස් හිඟය තවත් දින කිහිපයකට

(UTV | කොළඹ) – දැනට පවතින තත්ත්වය හමුවේ වර්තමානයේ පවතින ගෑස් හිඟය නිමාවීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ගෑස් නිෂ්පාදන සමාගම් පවසනවා.

ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය කියා සිටියේ ඩොලර් හිඟය නිසා තවදුරටත් ගෑස් ආනයනයට බාධා මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, එම සමාගමට අයත් ගෑස් ටොන් 10,000 ක් අඩංගු නෞකාවක් පෙරේදා (11) මෙරටට පැමිණ ඇති අතර, එම ගෑස් තොගය නියමිත ප්‍රමිතියට අනුකූල බවට තහවුරු වීමත් සමග බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මීට අමතරව දින 10 කට වරක් එවැනි නෞකා මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවද ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය සඳහන් කළා.

මේ අතර, ආනයනික එල්.පී. ගෑස්, සිලින්ඩර හා ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල් සහ බට නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පවරමින් ඊයේ (12) ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

කුරුන්දි විහාරය අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment