දේශීය

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන PHI සංගමයේ විරෝධය

(UTV | කොළඹ) – රට කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක තිබියදී නිරෝධායන නීති තවදුරටත් ලිහිල් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව කිසියම් අයෙකුගේ බලපෑමකට අනුව ගත් තීරණයක්දැයි බරපතල සැකයක් ඇති බවයි.

නිරෝධායන නීති ලිහිල් කිරීම සහ උත්සව සමයේ මහජනතාවගේ වගකීම් විරහිත හැසිරීම් රටාව හේතුවෙන් ඉතා නුදුරේදීම මෙරට තුළ තවදුරටත් කොවිඩ් වසංගතය දරුණු තත්වයකට පත්වනු ඇති බවටද උපුල් රෝහණ මහතා අනතුරු අගවා සිටියා.

Related posts

ජයන්ත ද සිල්වා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

Mohamed Dilsad

ජන්ම දිනය දා මුරුත්තෙට්ටුවේ හිමි මහින්දට කියු දේ

Mohamed Dilsad

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

Leave a Comment