දේශීය

අද සිට පෙබරවාරිය දක්වා වැස්ස

(UTV | කොළඹ) – දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, මේ අනුව නැගෙනහිර, උතුර, උතුරුමැද හා ඌව පළාත්වලට අද (13දා) සිට පෙබරවාරි මාසය දක්වා වරින් වර වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලබන සතිය වන විට ඊසාන දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වන බවත්, ඒ අනුව ලබන මස සිට පෙබරවාරි දක්වා වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා පැවැසීය.

අද දිනයේදී නැගෙනහිර, උතුර, උතුරුමැද හා ඌව පළාත්වලටත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

මීට අමතරව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවැසීය.

Related posts

අද දවසේ කාළගුණය [RELEASE]

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 182 දෙනෙක්

Mohamed Dilsad

තායි එයාර්වේස් ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment