දේශීය

විදුලිය කප්පාදුව ගැන අමාත්‍යාංශයෙන් නිවෙදනයෙක්

(UTV | කොළඹ) – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් පණිවිඩයක් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින පළවැනි ජනන යන්ත්‍රය හෙට (14) වන විට ජාතික විදුලි පද්ධතියට එක් කරගැනීමට හැකියාව ලැබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේය.

බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයේ බොයිලේරුවල ජල කාන්දු වීමක් සිදු වන බැවින් එම යන්ත්‍රය යථා තත්ත්වයට පත් කරගන්නා තුරු මේ වන විට පද්ධතියෙන් ඉවත් කර තිබෙන බව වාර්තාවේ.

මේ හේතුවෙන් විදුලි ජනන ධාරිතාවය විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බැවින් ඊයේ (12) දිනයේ සිට පැය භාගයක් පමණ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයීම සීමා කිරීමට සිදු වූ බව ඔහු කියා සිටියේය.

Related posts

තරුණයාව පැහැරගැනීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලයත් වසයි

Mohamed Dilsad

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

Leave a Comment