දේශීය

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයෝ වර්ජනයක

(UTV | කොළඹ) – මධ්‍යම පළාතේ සියලු රෝහල්වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ඇතුළු හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද (09) දිනය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගිනිමන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ඊයේ (08) වයඹ පළාතෙන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, ඉදිරියේ දී අනෙක් පළාත්වල ද එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

“ඊයේ දවසේ වයඹ පළාතේ ආරම්භ කරපු වර්ජන ක්‍රියාමාර්ගය අද උදේ 7ට අවසන් කරනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ පාලනය විසින් ඇති කරලා තියෙන ගැටලු 7ක් පිළිබඳව විසඳුම් ඉල්ලලා මේ වෙනකොට මාස දෙකකට ආසන්න කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට උත්සහ කරා. නමුත් මේ වෙනකොට සෞඛ්‍ය වෘත්තීයවේදීන් විදියට අපිට ඇති වෙච්ච වැටුප් විෂමතාවය යම් ප්‍රමාණයකට හෝ විසඳපු කමිටු වාර්තාව ආගිඅතක් නෑ. අපි වහාම ක්‍රියාත්මක වන පරිදි ඒක ක්‍රියාත්මක කරන්න කියලා බලකරනවා. මේ මාසය ඇතුළත අපි සියලු පළාත්වල මේ ආකාරයෙන් විරෝධතාවය දියත් කරලා අවසාන වශයෙන් අඛණ්ඩව වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. අපි ඊට ඉස්සෙල්ලා වගකීමෙන් කටයුතු කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යවරයාටත් රජයටත් ඉල්ලීම් කරනවා.”

Related posts

එල්ලවූ සයිබර් ප්‍රහාරය පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

බුදුපිළිමයක් වසර 100කට පසු දිවයිනට

Mohamed Dilsad

බත් පැකට්ටුවක මිල ඉහලට

Mohamed Dilsad

Leave a Comment