Trending News

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආයෝජනමය අවස්ථා සඳහා පවත්නා කලාපීය තරඟය

(UTV | මාලදිවයින) – හිටපු මාලදිවයින නායක අබ්දුල්ලා යමීන්ගේ පාලන සමයේදී ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කිරීමෙන් නොයෙකුත් සැලසුම් සහ උපායමාර්ගයන් හරහා චීනයේ ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ (Belt and Road) එනම් එක් තීරයක්, එක් මාවතක් නම් නව ලෝක ව්‍යාපාර සැලැස්මට අනුව සිය ගෝලීය වෙළඳ ප්‍රවේශය ලබා ගැනීමේ අභියෝගයත් සමඟ මාලදිවයින කලාපීය බලවතුන්ගේ බල අරගලය මධ්‍යයේ මින් පෙර නොවූ විරූ ආකාරයේ නව අභියෝගයන්ට මුහුණ දෙමින් තිබේ.

චීනය දුප්පත්, සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට දරාගත නොහැකි ණය බර පටවමින් සිටින බවත්, එම ණය ආපසු ගෙවීමට බලාපොරොත්තුවක් නොමැති බවට පවසමින්, වැඩි වශයෙන් බටහිර රටවල විවේචනවලට ලක්වෙමින් තිබේ.

චීනය පවසන්නේ එම රටවල් තම ණය ඉතා සාදරයෙන් පිළිගන්නා බවත්, එම රටවල්වලට මෙම ණය ඉතා අවශ්‍ය බවත්, තමන් ඔවුන්ට කිසිඳු දේශපාලන පූර්ව කොන්දේසි නොමැතිව මූල්‍ය අවශ්‍යතා සපයන බවත් බටහිර පරිත්‍යාගශීලීන් නොසලකා හරින ස්ථාන සඳහා අරමුදල් ලබා දෙන බවත් පෙන්වා දෙයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

ICC Cricket World Cup Trophy tour begins its journey in Dubai [VIDEO]

Mohamed Dilsad

சஜித் – கூட்டமைப்பு இடையே இன்று சந்திப்பு

Mohamed Dilsad

නීතිපති ලෙස පාරින්ද රණසිංහ පත්කෙරේ

Editor O

Leave a Comment