දේශීය

වැලිසර මාරක අනතුර – පිය පුතු දෙපළ රිමාන්ඩ්

(UTV |  ගම්පහා) – වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (05) ඔවුන් ව වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වේ.

අදාළ දරුවා විසින් පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (04) උදෑසන 9.05ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී සිදුවු අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබීය.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 51 හැවිරිදි ලී වැඩපොළක සේවකයෙකු වන අතර අනෙක් තිදෙනාගෙන් එක් අයකෙුගේ ද තත්ත්වය බරපතළ බව වාර්තා වුණි.

අනතුර සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දරුවා හා එම වාහනයේ හිමිකරු වන පාසල් සිසුවාගේ පියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

ආයුධ පෙන්වීමේ තවත් තොරතුරු හෙළිවේ.

Editor O

නාවික සෙබළුන් 821 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

Leave a Comment