දේශීය

වැලිසර මාරක අනතුර – පිය පුතු දෙපළ රිමාන්ඩ්

(UTV |  ගම්පහා) – වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (05) ඔවුන් ව වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වේ.

අදාළ දරුවා විසින් පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (04) උදෑසන 9.05ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී සිදුවු අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබීය.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 51 හැවිරිදි ලී වැඩපොළක සේවකයෙකු වන අතර අනෙක් තිදෙනාගෙන් එක් අයකෙුගේ ද තත්ත්වය බරපතළ බව වාර්තා වුණි.

අනතුර සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දරුවා හා එම වාහනයේ හිමිකරු වන පාසල් සිසුවාගේ පියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

Related posts

කොරෝනා මර්දන වියදම බිලියන 110 – දෛනික PCR සඳහා මිලියන 100 ක්

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේ දින පමණක් 21,715 කට

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පාර්ලිමේන්තුවට ලැබී නැහැ – කථානායක

Editor O

Leave a Comment