දේශීය

සපුගස්කන්දේ මළසිරුර හඳුනා ගැනෙයි

(UTV | කොළඹ) – සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබූ ගමන් බෑගයකින් හමු වූ කාන්තා මළ සිරුර හඳුනාගෙන තිබෙනවා.

රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළ සිරුර ඇයගේ සැමියා විසින් හඳුනාගෙන ඇති අතර, ඔවුන් මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් බව සඳහන්.

පසුගිය 28 වනදා 42 හැවිරිදි මෙම කාන්තාව අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර, සපුගස්කන්දෙන් සොයාගත් හඳුනා නොගත් මළ සිරුර සම්බන්ධයෙන් ලද තොරතුරුවලට අනුව එහි ගොස් පරීක්ෂා කිරීමේදියි සිරුර හඳුනාගෙන ඇත්තේ.

Related posts

රියදුරු පුහුණුව අතර තුර දී තරුණියක් මරුට

Mohamed Dilsad

නෙළුම් පොකුණ අවට රථ වාහන තදබදයක්

Mohamed Dilsad

ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment