දේශීය

ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කිරීමට පියවර

(UTV | කොළඹ) – ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා එල්ල වූ හේතුවෙන්.

ඊයේ (06) කැදවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

Related posts

රවී ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

තරුණයෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 215

Mohamed Dilsad

1 comment

Yashith Samarasinghe February 20, 2020 at 1:01 pm

ෆාමේස් ආයතනය තහනමෙන් මහමගට වැටුනු සේවක සේවිකාවන් හා ඔවුන්ගේ දරු පවුල්…

ෆාමේස් පුද්ගලික සමාගමට මේ වන විට ලබා දී ඇති තහනම හා එමඟින් ආයතනයේ සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ දරු පවුල් වලට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් කරුණු දැක්වීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්චාවකදී අවස්ථාව ලබා දී තිබිණි.

එම අවස්ථාවේදී මෙම සමාගම පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් එම සංගමයේ කැඳවුම්කරු රංජිත් විතාරණගේ මහතා ඉදිරිපත් කරන ලද කරුණු පැහැදිලි කිරීම මෙහි දැක්වේ. https://youtu.be/yVKcz_yLiGo

Reply

Leave a Comment