දේශීය

අ’පුර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක් අරඹන්න

(UTV | කොළඹ) – එල්.ටි.ටි.ඊ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය සැප්තැම්බර් 12 වැනිදා මරණීය තර්ජනය එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අද(21) පොලිස්පතිවරයාට නියෝග කළේය.

ඒ, පෙත්සම්කාර එල්.ටි.ටි.ඊ රැඳවියන් 8 දෙනා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිමට අවසර දෙමින් ය.

ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද(21) කැඳවූහ.

විනිසුරු මඩුල්ල එහිදී බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයාට නියෝග කළේ, පෙත්සම්කරුවන් වහාම අනුරාධපුර බන්ධනාගාරයෙන් වෙනත් සුදුසු බන්ධනාගාරයකට මාරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

පෙත්සම් විභාගය ලබන පෙබරවාරි 15 වැනිදා ආරම්භ කිරීමට ද එහිදී දින නියම කළේ ය.

Related posts

පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා

Editor O

විදෙස්ගතව සිට පැමිණෙන්නන් සියල්ලන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක්

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ගේ විනය ගැන බලන්න නව පනතක් ළඟදීම

Mohamed Dilsad

Leave a Comment